ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ඇමැති බැසිල්ගෙන් නිලධාරීන්ට උපදෙස්
ජයසිරි මුණසිංහ ජෙනට් ජයසිංහ සහ නිමල් ජයසිංහ ගම්පහ සිට
වනාන්තරවල ගස් කැපීම්, අනවසර ගොඩකිරීම්, හරක් සොරකම් යනාදි, පාරිසරික හා සත්ත්ව හිංසනයන් නතර කිරීමට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට පෙරේදා (31) උපදෙස් ලබා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ මූලාසනය දරමින් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මේ උපදෙස් ලබාදුන්නේ ජනතාව ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.
ගම්පහ අත්තනගල්ල, ඇතාඋඩකන්දට යාබදව සිදුකරන අනවසර කැලෑඑළි , කිරීමක්, මුතුරාජවෙල සිදුකොට ඇති ක්‍රමවත් නොවූ ඉඩම් බෙදාදීමක් හා හරක් සොරකම් කිරීමේ පැමිණිලි විස්සක් පිළිබඳව කමිටුවේදී සාකච්ඡාවට බඳුන්විය.
ඉන් අනතුරුව මේවා අවම කිරීමට නී්යායනුකූලව බලය පැවැරී ඇති ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදුන් බැසිල් රාජපක්ෂ මහතා එවන් නිලධාරීන්ට , ඔවුන් ගන්නා ජනතාවාදි තීන්දු තීරණවලට රජයත්, ආර්ථික සංවර්ධන ඇමැතිවරයාත්, අමාත්‍යාංශයත් පූර්ණ රැකවරණය සපයන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
මේ වසර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 හි ජනතා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 4915 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශිර්ෂයෙන් වෙන් කැරිණි.
ඒ අනුව දොම්පේ ආසනයට මිලියන 394ක්, ජා-ඇළට මිලියන 372ක්, කැලණියට රුපියල් මිලියන 267ක්, මහරට මිලියන 464ක් වෙන් කැරිණි.
පළාත් මාර්ග කාපට් කිරීම, දිවිනැඟුම, සමෘද්ධිය හා ගම නැඟුම ව්‍යාපෘති කිරීමට මේ මුදල් යොදා ගන්නා අතර, අත්තනගල්ලට මිලියන 400 ක් මීගමුවට මිලියන 310 ක්, ගම්පහට මිලියන 375ක්, කටානට මිලියන 403ක් වෙන් කැරිණි.
දිවුලපිටියට වෙන් කළ මුදල රුපියල් මිලියන 400 කි. මිනුවන්ගොඩට රුපියල් මිලියන 384 ක් ද, බියගමට මිලියන 368 ක් ද මීරිගමට මිලියන 420 ක් ද වෙන්කැරිණි. වත්තල ආසනයට වෙන් කළ මුදල මිලියන 263 කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 900ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කැරිණි.
එළැඹෙන මහ කන්නයේදී ගම්පහ දිස්ත්‍රික්කය පුරා තෝරාගත් පවුල් එක්ලක්ෂ දාහත්දහස් දෙසීයයක දිවිනැඟුම ජීවනෝපාය සංවර්ධන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කොට ඇත. ඒ අනුව එම පවුල්වලට අවශ්‍ය එළවළු, පළතුරු සුළු අපනයන බෝග හා පොල් පැළ , තේක්ක, මහෝගනී වැනි තිරසාර බෝග මුළු අවශ්‍යතාවය කලට, වේලාවට සැපැයිය හැකිදැයි බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඊට අමතරව දිස්ත්‍රික්කයේ දිරිමත් දිවි නැඟුම් පවුල් සඳහා අවශ්‍ය කුකුළු පැටව් එක්ලක්ෂ හැත්තෑ හතර දහස් හත්සීය අසූවම (1,74,780) ලබා දීමට හැකිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කෙළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, පොල් හා සුළු අපනයන බෝග අමාත්‍යාංශ, සමෘද්ධිය, ගැමිදිරිය, වැනි අංශ මේ පැළ අවශ්‍යතා සපුරාලීමට විධිමත් වැඩපිළිවෙළ මේවනවිටත් සකස් කොට ඇතැයි ප්‍රකාශ කෙළේය.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ පැළ තවාන්වලින් පමණක් නොව පෞද්ගලික අංශයේ පැළ තවාන්වලින්ද පැළ ලබා ගැනීමට ක්‍රියාකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. ඒ. කරුණාතිලක මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන සෙසු ආයතනවල ප්රධානිහු හා විධායක නිලධාරිහු මෙහිදී අදහස් දැක්වූ. ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අවශ්‍ය මුළුපොල් පැළ ප්‍රමාණය ලබාදීමට තමන්ට හැකි බව පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කෙළේය.
ඒ වැඩපිළිවෙළ ඇමැති ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා අවධාරණය කර සිටියේය. මුතුරාජවෙල ජෛව විවිධත්ව පාරිසරික කලාපයේ කිසිදු බිමක් අනවසරයෙන් ගොඩකිරීම් හෝ අල්ලා ගැනීමට ඉඩනොතැබෙන ලෙස නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආදාළ නිලධාරිහු මෙහිදී කියා සිටියහ.
හොර හරක් ජාවාරම, ඩෙංගු මර්දනය හා දිස්ත්‍රික්කයේ සාමය හා සාමකාමි බව සුරැකීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය බස්නාහිර පළාත් ( උතුරු ) නියෝජ්‍ය පොලිස්පතිවරයා.
මෙහිදී කමිටුව දැනුවත් කළේය.
දිවිනැඟුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් මුල් අදියරේ දී ජනතාවගේ ජීවන වියදම් අඩුකිරීම, පෝෂ්‍යදායි ආහාර වේලක් ඔවුන්ට සපයා ගැනීම කෙරෙහි මුල් වූ බව මෙහිදී අවධාරණය කළ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ ගෘහ ආශි‍්‍රත කර්මාන්ත ජාලයක් ස්ථාපිත කොට එම පවුල්වල ආදායම් මාර්ග ඉහළ දැමීමට වැඩි අවධානයක් යොමු කොට ක්‍රියාකරන්නැයි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ කමිටු අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න ඇමැති එස්. එම්. චÁද්‍රසේන, පිලික්ස් පෙරේරා, සරත් ගුණරත්න, පණ්ඩු බණ්ඩාරනායක, සරත් ගුණවර්ධන, බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු , පළාත් සභා, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරිහු විශාල පිරිසක් එක්වී සිටියහ.
http://www.dinamina.lk/2011/09/02/_art.asp?fn=p1109022
No comments:
Post a Comment