කීර්ති වර්ණකුලසූරිය
පරිගණක විද්යුත් උපාංග සුන්බුන් බලපත්‍රයක් නොලත් නාඩාර් කෙනකුට විකිණීම සඳහා දැරූ උත්සාහයක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා විසින් අත්හිටුවා ඇත. මෙම විද්යුත් උපාංග සුන්බුන් එම නාඩාර්ට අලෙවි කිරිම සඳහා විරෝධතාවක් නැති බව දන්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලිපියක්‌ද නිකුත් කර තිබූ බව හෙළිවී තිබේ.
සුන්බුන් ලබාගැනීමට බලයක් නැති අයකුට එහි සුන්බුන් ලබාගැනීමට හැකිවන පරිදි ලිපියක් නිකුත් කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් යයි එම අධිකාරියේම ආරංචි මාර්ග පැවැසීය.
මෙහි සුන්බුන් ලබාගැනීමට හිමිකම් ඇති ආයතනයන් එකී උපාංග එම නාඩාර්ට ලබාදීමට තීරණය කර තිබූ බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමට ප්‍රතිචාරය දැක්‌වූ චරිත හේරත් මහතා සුන්බුන් ලබාගැනීමට බලය ඇත්තේ පාර්ශ්වයන් තුනකට බවත් ඊට පිටස්‌තර අයකුට එකී සුන්බුන් ලබාගැනීමට ඉඩකඩ නැති බවත් කියා සිටියේය.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචි මාර්ග පැවසුවේ මෙකී නාඩාර්ට එකී සුන්බුන් ලබාගැනීමට හැකිවන පරිදි ලිපියක් නිකුත් කිරීමට ක්‍රියාකළ නිලධාරිනියන් ගැන විනයානුකූලව කටයුතු කළ යුතු බවයි.
http://www.divaina.com/2011/09/02/news11.html
No comments:
Post a Comment