Friday, September 2, 2011

ගැටඹේ කුඩා විදුලි බලාගාරයට එරෙහි වූ පරිසරවේදියාට ජීවිත තර්ජන

සිsමන්ත රත්නසේකර

මහනුවර ගැටඹේ ඉදිවෙන කුඩා විදුලි බලාගාරයට එරෙහිව හඬ නැඟීම නිසා තමන්ගේ ජීවිතයට තර්ජන එල්ලවී ඇතැයි කියමින් පරිසරවේදියෙක්‌ ඊයේ (01 දා) කටුගස්‌තොට පොලිසියට පැමිණිලි කළේය.

ප්‍රදීප් සමරවික්‍රම නමැති පරිසරවේදියා මෙසේ පැමිණිලි කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ගැටඹේ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින කුඩා විදුලි බලාගාරය වෙත ජලය රැගෙන යැම සඳහා මහවැලි ගඟ පතුලේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් නිසා විශාල පාරිසරික හානියක්‌ සිදුවන බව පවසමින් ඉහත පරිසරවේදියා ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේ හා සිවිල් සංවිධාන ඊට විරුද්ධව ප්‍රබල හඬක්‌ පසුගිය දින කිහිපය තුළ නැඟූ අතර ඉන් අනතුරුව එම පරිසරවේදියාට විවිධ තර්ජන එල්ල වී ඇත.

රහස්‌ පොලිසිය යෑයි හඳුන්වා ගන්නා පුද්ගලයන් කිහිප අවස්‌ථාවකදීම තමා පිළිබඳ ප්‍රදේශයට පැමිණ තොරතුරු එකතු කර ඇති බවත් එහෙත් රහස්‌ පොලිසියෙන් ඒ පිළිබඳ විමසූ විට කිසිදු රහස්‌ පොලිස්‌ නිලධාරියකු එවන් කාර්යයක්‌ සඳහා පිටත්කර නැතැයි පවසා ඇති බව පැවසූ බවත් හෙතෙම පැවසීය.


http://www.divaina.com/2011/09/02/news23.html

No comments:

Post a Comment