Sunday, August 7, 2011

ජාතික මාර්ග ජාල නඩත්තුවට නිලධාරියෙක්‌ හරස්‌ වෙයි

රොහාන් අබේවර්ධන

කිලෝමීටර් එකොළොස්‌දහසක්‌ වන ජාතික මාර්ග ජාලය වෘත්තීය මට්‌ටමින් හා කාර්යක්‌ෂම ලෙස නඩත්තු කිරීම මාර්ග නඩත්තු භාරකාර අරමුදල හරහා කරගෙන යැමට රජය අපේක්‌ෂා කළද එක්‌ රජයේ උසස්‌ නිලධාරියකුගේ අනුමැතිය ඊට නොලැබීම නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මාස ගණනාවක සිට ඇනහිට ඇත. මාර්ග නඩත්තු කිරීමේ වැඩ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙතෙක්‌ සිදු කළ නමුත් එම කටයුත්ත වඩා හොඳින් කාර්යක්‍ෂම ලෙස කරගෙන යැමට ඒ පිළිබඳ විශේෂ දැනුමක්‌ ඇති අයගේද දායකත්වය අවශ්‍ය බැවින් ඊට මාර්ග නඩත්තු භාරකාර අරමුදල සම්බන්ධ කරගෙන ඇති අතර ලෝක බැංකුවද එම කටයුත්තට සහාය දීමට ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ඇත. 

මාර්ග නඩත්තුව සඳහා සෑම වර්ෂයකම රජය විසින් රුපියල් බිලියන 50 ක්‌ වෙන් කරනු ලබයි.

මාර්ග නඩත්තු භාරකාර අරමුදලට ඇමරිකන් ඩොලර් මිලියන දස ලක්‌ෂ දහයක්‌ වසර 03 ක කාල සීමාවකට ලබාදීමට ලෝක බැංකුව පොරොන්දු වී ඇති අතර එම රාජ්‍ය නිලධාරියාගේ ක්‍රියා කලාපය හේතුකොට ගෙන එම මුදලද අහිමි වීමට ඉඩ ඇතැයිද සෙසු රාජ්‍ය නිලධාරීන් තුළ බියක්‌ හටගෙන ඇත.

http://www.divaina.com/2011/08/05/news31.html

No comments:

Post a Comment