දඩයම්තලාව - පී. ජයසිංහ
ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් විදුලි මීටරවල අඩුවෙන් සටහන් වන ආකාරයෙන් වංචනික ලෙස විදුලිය ලබාගත් පුද්ගලයන් එකසිය හැටපස්‌දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුනට රුපියල් එක්‌කෝටි දාසය ලක්‍ෂ පනස්‌පන් දහස් අටසියයක මුදලක් ගෙවන ලෙසට නියම කරන ලදී.
අම්පාර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බලප්‍රදේශයේ කල්මුණේ, යට්‌ටාලෙච්න, තිරුක්‌කෝවිල්, මධ්‍යම කඳවුර, පෙරියනිලාවතී හා කල්මුණ කුඩි ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් මෙම පිරිසට විදුලිබල මණ්‌ඩලයේ අලාභය එක්‌කෝටි පනස්‌දාස් අටසියයක් සහ රජයේ ගාස්‌තු දාසය ලක්‍ෂ පනස් දහසක් ගෙවීමට සිදුවිය.
ලංකා විදුලිබල මණ්‌ඩලයේ විමර්ශන කළමනාකරු එල්. සේනාරත්න මහතාගේ අධීක්‍ෂණය හා උපදෙස් පරිදි නැගෙනහිර පළාතේ විමර්ශන නිලධාරී විමලසේන මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.
අම්පාර කොට්‌ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතාගේ සහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ අම්පාර පොලිසිය වැටලීමට සහාය ලබා දුන්හ.
Source: http://www.divaina.com/2011/08/02/provin02.html
No comments:
Post a Comment