Monday, September 12, 2011

මුන්නේශ්වරමේ බිලිපූජා තහනම් කිරීමේ නියෝගය ප්‍රතික්‍ෂේප කෙරේ

මුන්නේශ්වරම සමූහ - ඊ.සී.ප්‍රනාන්දු

මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලෙහි සත්ත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කරන ලෙසට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉදිරිපත් කර තිබූ ඉල්ලීම (8 දා) සවස ප්‍රතික්ෂේප කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණය ඔක්තෝම්බර් 17 වන දිනට කල් දමන ලදී.

එදින සියලු පාර්ශවකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේ ය.

ලලනි සේරසිංහ පෙරේරා - සත්ත්ව සුබසාධන භාරයේ සභාපති අයිරාංගනී ද සිල්වා - ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධානයේ උප සභාපති ලොරේන් බිබිලේ එම සංවිධානයේ ලේකම් ගාමිණී රත්නායක යන අය මෙහි පැමිණිළිකරුවෝ වෙති. එම කෝවිලේ කාලි මුත්තු ශිව පාක්‍යසුන්දරම් - එම්.කනගරත්නම් - මහේන්ද්‍ර සාමි - සිව සුන්දරම්, බාල සුන්දරම් , කුලන්දවෙයි සිව කුමරන් හා සත්ගාරම් උදය කුමාර් හයදෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

දෙවියන් පිනවීමේ මුවාවෙන් මේ වගඋත්තරකරුවන් වාර්ෂිකව සත්ත්ව හිංසන වැළැක්වීමේ ආඥා පනතේ වගන්තිවලට පටහැනිව අමානුෂිකව එළුවන්, කුකුළන් ඝාතනය කිරීම නතර කර දෙන ලෙස මේ පෙත්සම මඟින් ඉල්ලා තිබුණි. නීතිඥ නිහාල් පී.සුමනධීර - නීතිඥ මාධව විජය ශ්‍රී වර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිඥ රනිල් සමරසූරිය මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දැක්වීය.


http://www.dinamina.lk/2011/09/12/_art.asp?fn=n1109127

No comments:

Post a Comment