අසේල කුරුළුවංශ සහ තිලක් පුෂ්පකුමාර
මහනුවර ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා පරිණත දළ ඇතුන් කිහිප දෙනකු මෙරටට ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම දළ ඇතුන් ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අශෝක් කේ. කාන්ත් මහතා පැවැසීය.
අශෝක් කේ. කාන්ත් මහතා මේ සම්බන්ධව පසුගියදා (29) මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් කරනු ලැබීය. මේ සම්බන්ධව තමන් විශේෂ අවධානය යොමු කර අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා මහ නාහිමිවරු හමුවේ ප්‍රකාශ කෙළේය.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමට අද ඉතිරිව සිටින්නේ පරිණත දළ ඇතුන් තිදෙනකු බැවින් දළ ඇතුන් වැඩිපුර සංඛ්‍යාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මෙහිදී අස්ගිරි මහ නාහිමියෝ අශෝක් කේ. කාන්ත් මහතාගෙන් ඉල්ලීමක් කළහ.
http://www.dinamina.lk/2011/09/12/_art.asp?fn=n110912_2
No comments:
Post a Comment