විජයානි එදිරිසිංහ
ගාලු මුවදොර පිටියේ පාලනය බාරගෙන කටයුතු කළ නිදහස් සේවක වරාය (පෞද්ගලික) සමාගම එම පාලන කටයුතු ආපසු වරාය අධිකාරිය වෙත බාර දී තිබේ.
දින 14ක් ඇතුළත ගාලු මුවදොර පිටියේ පාලන කටයුතුවලින් ඉවත්වන ලෙසට වරාය සභාපතිවරයා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමසිංහ මහතා එම සමාගමට කළ දැන්වීම මත මෙසේ ඉවත්වී ඇත. පසුගියදා (31) සිට එම සමාගම පාලන කටයුතුවලින් ඉවත්වූ බව එම සමාගම පවසයි.
ගාලු මුවදොර පිටියේ පාලන කටයුතු හරියාකාරව සිදු නොවන බවට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණ වාර්තාව පසුගිය අගෝස්තු 23 වැනිදා වරාය සභාපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
ගාලු මුවදොර පිටිය පසුගිය 2010 පෙබරවාරි 23 වැනිදා වරාය සභාපතිවරයා විසින් එම සමාගමට එහි නඩත්තු කටයුතු පැවැරූ බව එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රසන්න කලුතරගේ මහතා සහ අධ්යක්ෂ සුසන්ත විජේතුංග මහත්වරු පවසති. ගාලු මුවදොර පිටියේ ආදායමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පවතින ක්‍රීඩා සඳහා රැකියා විරහිත ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකු සඳහා දීමනා ගෙවනු ලබන බවද ඔවුහු පවසති.
http://www.dinamina.lk/2011/09/15/_art.asp?fn=n1109158
No comments:
Post a Comment