මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට දින කීපයක් තිස්‌සේ ඇදහැළෙන අධික වර්ෂාවත් සමග මාවුස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශවල පහත බැස තිබූ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතී.
ඉකුත් 22 වැනිදා සිට පැවති වර්ෂාව නිසා සති තුනක කාලයක් තුළ මාවුස්‌සාකැලේ ජලාශය අඩි 10.05 ක ප්‍රමාණයක් පිරී ඇති බවත්, ලක්‌ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියෙකු පැවසීය.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්‌ෂපාන, නව ලක්‌ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය යන විදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
http://www.divaina.com/2011/09/15/news23.html
No comments:
Post a Comment