Friday, September 16, 2011

මුන්නේෂ්වරම් බිලි පූජාව පූජාව නතර කළේ පොලිසියේ මැදිහත්වීමෙන්

උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ කියයි

සමන් ගමගේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසිය මැදිහත්වී නීතියේ රාමුව තුළ දියත් කළ වැඩපිළිවෙළක්‌ අනුව මහජන සාමය ආරක්‍ෂා කර ගනිමින් මුන්නේෂ්වරම භද්‍රකාලී කෝවිලේදී වාර්ෂිකව සිදු කෙරෙන මහා බිලි පූජාව නතර කිරීමට හැකි වූ බව පුත්තලම කොට්‌ඨාසයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස්‌ මත වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන සහ හලාවත පොලිස්‌ අධිකාරී ආර්. ඒ. පී. බී. එල්. රණසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් 600 ක පමණ පොලිස්‌ බලඇණියක සහාය ගෙන ඉතා සංයමයකින් යුතුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණු බවද හෙතෙම පැවැසීය.

මේ හේතුවෙන් සිදුවීමට නියමිතව තිබූ විශාල සත්ත්ව ඝාතනයක්‌ වළක්‌වා ගැනීමට පොලිසිය සමත් විය. මුන්නේෂ්වරම් භද්‍රකාලී දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම බිලි පූජාවට අනුව ගිය වසරේ ඝාතනයට ලක්‌ වූ සතුන් ප්‍රමාණය 182 ක්‌ වේ.

සියලු පාර්ශ්ව දැනුවත් කරමින් හලාවත අධිකරණය හමුවේ ගොනුකළ අංක බී. ආර්. 779/2011 යටතේ ගොනු කළ නඩුවකට අනුව අධිකරණය ලබාදුන් තහනම් නියෝගයක්‌ ක්‍රියාත්මක කරමින් කිසිදු ගැටලුවක්‌ ඇති නොවන අයුරින් පොලිසිය මෙය ක්‍රියාත්මක කරනු ලැබීය.


http://www.divaina.com/2011/09/16/news11.html

No comments:

Post a Comment