Friday, September 16, 2011

රජයේ සංඛ්‍යා ලේඛන අනුව ජනගහනයෙන් 4% ක්‌ දෘශ්‍යාබාධිත අය

දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපති කියයි

තිළිණි ගයත්‍රිකා ද සිල්වා

රජයේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4% ක්‌ දෘශ්‍යාබාධිත පුද්ගලයන් බවත් ඔවුන් කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සභාපති ඩබ්. එම්. රත්නවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පළ කළේ ඊයේ (15 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා අධ්‍යාපනයේ සම අවස්‌ථා ලබාදිය යුතු බවත් හෙතෙම පැවසුවේය.

රජයේ චක්‍රලේඛය අනුව දෘශ්‍යාබාධිත පුද්ගලයන් අතරින් 3% ක්‌ රාජ්‍ය අංශයට සම්බන්ධ කරගත යුතු වුවත් එය විධිමත්ව ක්‍රියාත්මක නොවන බවද එය සාර්ථක කරගැනීම සඳහා පාර්ලිමේන්තු පනතක්‌ සම්මත කළ යුතු බවද ඒ මහතා පැවසුවේය.

එහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රියා සම්මේලනයේ නියෝජිත රුවිනි මංගලී මහත්මිය පැවසුවේ දෘශ්‍යාබාධිත කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවත් ඔවුනට සම අවස්‌ථා ලබාදිය යුතු බවත්ය.

හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුබසිංහ සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නියෝජිත ඇලෙක්‌ස්‌ ජයවර්ධන යන මහත්වරු ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.


http://www.divaina.com/2011/09/16/news22.html

No comments:

Post a Comment