Friday, September 16, 2011

විදුලි හොරුන් වැටලීමෙන් මණ්ඩලයට දස ලක්ෂ 23ක්

ස්වර්ණා විජේකෝන් සහ චමීර ඇල්ලදෙණිය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම් මගින් පසුගිය මාසයේදී (අගෝස්තු) රුපියල් දස ලක්ෂ විසිතුනක ආදායමක් උපයා ඇත.

විදුලි මීටර් වෙනස් කිරීම, කොකු භාවිත කර විදුලිය ලබාගැනීම ආදී සිදුවීම් දෙසිය අටක් අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති අතර මෙවැනි වැටලීම් වලින් මණ්ඩලය ඉහත ආදායම උපයා ඇත. අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති සිදුවීම්වලින් 189 ක් වංචා සහගත ලෙස මීටර් සකස් කොට විදුලිය ලබා ගැනීමේ සිදුවීම් වේ. දහනවයක් කොකු යොදා ගනිමින් අයථා ලෙස විදුලිය ලබා ගැනීමේ සිදුවීම් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. වංචනික ලෙස විදුලිය ලබා ගැනීම් හේතුවෙන් විදුලි බල මණ්ඩලයට වාර්ෂිකව විශාල මුදලක් අහිමි වන අතර මෙවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දායක වන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

වංචනික ලෙස විදුලිය ලබාගන්නන් පිළිබඳ යම් තොරතුරක් වේ නම් 011 2422259 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සිදු කරන ලද වැටලීම් වලින් පසුගිය ජුලි මාසයේදීත් මෙවැනිම ආදායමක් උපයා ඇත.


http://www.dinamina.lk/2011/09/16/_art.asp?fn=n1109165

No comments:

Post a Comment