Friday, October 14, 2011

කවියමඩුව ප්‍රදේශයේ දැව කැපීම වහාම නැවැත්වීමට පියවර ගන්න

පරිසර ඇමැතිගෙන් බලධාරීන්ට උපදෙස්

ශීලා උඩුවර

විල්පත්තුව ආශි‍්‍රත කවියමඩුව ප්‍රදේශයේ සිදුකරන දැව කපාදැමීම් වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කර ඊට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දැව සංස්ථාවට නියෝග කළේය.

පරිසර ඇමැති අනුරපි‍්‍රයදර්ශන යාපා මහතා හා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩ සටහනේ කළමනාකරු බන්දු රංග කාරියවසම් මහතා හමුවී සුහද කතාබහක.

ඇමැතිවරයා මෙම නියෝග කළේ ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය හා ඇමැතිවරයා අතර පරිසර අමාත්‍යාංශයේ පැවැති සංවාදයකින් අනතුරුවය.

එම සංවිධානය නියෝජනය කරමින් ස්වාභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු බන්දු රංග කාරියවසම් මහතා මෙම සාකච්ඡාවට එක්විය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය චරිත හේරත් වන සංරක්ෂණ ජනරාල් එච්. එම්. පී. නිමිසේකර රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබලන අධ්‍යක්‍ෂ අරුණ අධිකාරී යන මහත්වරු ඇතුළු නිලධාරීහු එක්වූහ.

මෙම විශාල දැව කපාදැමීම් පිළිබඳ ඡායාරූප සහිතව මෙහිදී ඇමැතිවරයාට කරුණු ඉදිරිපත් කෙරිණි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ.

මීට අමතරව එම සංවිධානය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනා රැසක්ද ඇමැතිවරයාගේ අවධානයට යොමු විය.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තරවලින් වැඩි ප්‍රතිශතයක් නියෝජනය වන අවශේෂ කැලෑවල පාලනය නැවත ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමට මහ ඇමැති හමුවේදී යෝජනාවක් ඉදිරිපත්ව තිබූ බවත් එවැනි සංශෝධන මගින් පරිසර හානියක් සිදුවන බවත් මෙහිදී බන්දුරංග මහතා පැවසීය. අවශේෂ කැලෑ නිදහස් කිරීමත් සිදු නොවන බව පැවසූ ඇමැතිවරයා එම වනාන්තරවල අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බවට පුවත්පත්වල පළකරන ලෙස වනසංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කළේය.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා පරිසර සංවිධානයක් මෙසේ තමා සමඟ සාකච්ඡා කිරීම පිළිබඳව ඇමැතිවරයා සිය ස්තුතිය පළ කළේය.

http://www.dinamina.lk/2011/10/14/_art.asp?fn=p1110145

No comments:

Post a Comment