අසේල කුරුළුවංශ
අවිධිමත් ලෙස පරිසරයට වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ මහනුවර තල්වත්ත ප්‍රදේශයේ හෝටල් හිමියකුට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. යූ. බී. කරල්ලියද්දි මහතා රුපියල් 30,000/-ක දඩයක් නියම කර තිබේ.
තල්වත්තේ පිහිටි අදාළ පුද්ගලයාගේ හෝටලයේ වැසිකිළි නළ උතුරා ගොස් පරිසර දූෂණය වීම සම්බන්ධයෙන් මහනුවර පොලිස් පරිසර ඒකකය මගින් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබිණි.
No comments:
Post a Comment