හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත
හොරණ සිට කොට්ටාව දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින වග ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පවසයි. නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් කරනු ලබන අතර එම කටයුතු අවසන් අදියරේ පවතියි.
මාර්ග අංක 280 හොරණ මහරගම මාර්ගයේ දැනට පවතින ප්‍රවාහන ගැටලු නිසා මහජනතාව නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන හෙයින් එම ගැටලු අවම කිරීමට නව දුම්රිය සේවාවට හැකි වනු ඇතැයි ජනතාව පවසති. එසේ වුවහොත් මාර්ග අංක 120 හොරණ කොළඹ මාර්ගයේ මගී ප්‍රවාහන අවශ්‍යතා ද විධිමත් වන බවද ජනතාව පවසති.
http://www.dinamina.lk/2011/10/12/_art.asp?fn=r1110122
No comments:
Post a Comment