Sunday, October 9, 2011

වැව් හා ජලාශ 50ක්‌ හිඳිලා

තුෂාරී කළුබෝවිල

වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 12 ක වැව් හා ජලාශ 50 ක්‌ පමණ සිඳී යමින් පවතී. එම සියලුම වැව් හා ජලාශවල දැනට ඉතිරිව ඇති ජල ධාරිතාව සියයට 32 ක්‌ පමණ වන අතර මේ හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කටයුතු ලබන මාසය දක්‌වා කල් දැමීමට ගොවීන්ට සිදුවී තිබේ. වගා කටයුතු සඳහා ජලාශවල ජල ධාරිතාව 50% ක්‌ දක්‌වා වත් ඉහළ යා යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් ඔක්‌තෝබර් 15 වැනිදා පමණ වන විට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන නමුත් ජලය නොමැතිකම නිසා මෙවර එම කටයුතු අඩාල වී ඇත.

දැනට ප්‍රමාණවත් ජලධාරිතාවක්‌ පවතින්නේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන වැව් 5 ක සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වැව් 11 ක පමණක්‌ වන අතර එම දිස්‌ත්‍රික්‌ක දෙකේ පමණක්‌ මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව ගොවි සංවිධාන පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පානීය ජලය ද නොමැති බැවින් මහජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව තිබේ.

අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මාතලේ, කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලය, වව්නියාව, මන්නාරම, හම්බන්තොට (ඇතුම් ප්‍රදේශවල) යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි වැව් හා ජලාශවල මෙසේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි.


http://www.divaina.com/2011/10/09/news03.html

No comments:

Post a Comment