නිහාල් පී.අබේසිංහ
මේ වසරේ මෙරට කාලගුණ රටාවේ විශාල වෙනස්කම් රැසක් විදුවී ඇති බවත්, නිරිත දිග මෝසම් වැස්ස අඩුවී දෙවන අන්තර් මෝසම් වැස්ස පමා වී ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජී.බී.සමරසිංහ මහතා පවසයි.
කෙසේ වුවත් ඔක්තෝබර් 20-30 පමණ වනවිට අන්තර් මෝසම් වැසි ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ වසරේ නිරිත දිග මෝසම් වැස්ස සියයට 50කින් අඩුවුණ බවත් ලොව දේශගුණ වෙනස්වීම්වල බලපෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. හිරු ශ්‍රී ලංකාවට පසුගිය දිනවල මුදුන්වීම නිසාත් අහසේ වලාකුළු අඩුවීම නිසාත් මේ දිනවල අධික රස්නයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂ වර්ණසූරිය පවසන්නේය.
http://www.silumina.lk/2011/10/09/_art.asp?fn=aa1110097
No comments:
Post a Comment