රූපාන්ති බුලත්සිංහල
පොල් වතුර යොදා ගනිමින් පෝෂණ ගුණයෙන් යුක්ත සිසිල් බීම වර්ගයක් නිපදවීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සියයට සියයක්ම ස්වභාවික ගුණයෙන් යුක්ත මේ බීම වර්ගයට කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු කොට නොතිබීම විශේෂත්වයකි.
එය විදේශ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි සඳහන් වෙයි. කිසිදු කෘත්‍රිම ද්‍රව්‍යයක් නොයොදන නමුත් එම බීම වර්ගය අවුරුද්දක පමණ කාලයක් කල් තබා ගත හැකි බව ද අමාත්‍යාංශය පවසයි. දිනපතා අපතේ යන පොල් වතුර ලීටර් 50,000 ක් - 60,000 ක් අතර ප්‍රමාණයක් මේ සඳහා යොදා ගැනීමට සූදානම් වෙයි.
http://www.silumina.lk/2011/10/09/_art.asp?fn=aa1110095
No comments:
Post a Comment