දුර ගමන් සේවා බස් රථ සඳහා ආහාර පාන සපයන දකුණු පළාතේ ආපන ශාලාවල තත්ත්වය වැඩිදියුණු කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම ආපනශාලා වල සේවාව පිළිබඳ මගීන්ගෙන් ලද චෝදනා පෞද්ගලිකව පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇත.
මෙම අධීක්‍ෂණ කටයුතු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් සිදුකරනු ලබන අතර එහිදී ආපනශාලාවේ පිරිසිදුබව ආහාරපාන සඳහා අයකරනු ලබන මිල ගණන් හා ඒවායේ ප්‍රමිතිය විශේෂ සැලකිල්ලට භාජන කෙරෙනු ඇත.
ආපන ශාලාවල පවතින අඩුපාඩු පිළිබඳ ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමත් නීතිරීති උල්ලංඝනය කර ඇති අවස්‌ථාවල ඒ සඳහා නෛතිකව කටයුතු කිරීමත් සිදු කිරීමට නියමිත ඇති අතර පූර්ව දැනුම් දීමකින් තොරව ආපන ශාලා අධීක්‍ෂණය සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
http://www.divaina.com/2011/10/04/provin02.html
No comments:
Post a Comment