රුපියල් ලක්‍ෂ තිස්‌පහකට ගජමුතු ආකාරයටම සකස් කරන ලද ව්‍යාජ ගජමුතු තොගයක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් පස්‌දෙනකු හබරණ පොලිසිය මගින් ඉකුත් 2 දා රාත්‍රියේදී හබරණ නගරාසන්නයේ පිහිටි අවන්හලකදී අත්අඩංගුවට ගෙන ඇත. හබරණ බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ හබරණ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් උපක්‍රමශීලීව ගජමුතු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවකු ලෙස පොලිස් නිලධාරියකු යොදවා ඇති අතර දුරකථන මගින් සැකකරුවන් සම්බන්ධ කරගෙන ඉකුත් 2 දා රාත්‍රියේ හබරණ අවන්හලකට කැඳවා ගනුදෙනුව සිදුවන අවස්‌ථාවේ වෙස්‌වලා සිටි පොලිස් නිලධාරීන් විසින් ගජමුතු සමග සැකකරුවන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන ඇත. හබරණ වැඩබලන ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න හේරත්, පොලිස් පරීක්‍ෂක රත්නායක, අපරාධ අංශයේ ස්‌ථානාධිපති කේ. එම්. ජී. එස්. කුලතුංග, පො.සැ. (28079) අබේකෝන්, පො.සැ. (45389) සුසිල්, පො.සැ. (7355) සුනිල්, පො.කො. (34183) දිසානායක, පො.කො. (50595) ඉද්දගොඩ, පො.කො. (68606) එරංග යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
වැඩිදුර පරීක්‍ෂණ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර ජෝශප් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි එම්. ආර්. පී. සරත්ප්‍රේම මහතාගේ මගපෙන්වීම අනුව හබරණ පොලිසිය මගින් පැවැත්වීමට නියමිතය. ගජමුතු හා ඒවා පරීක්‍ෂා කරන අයුරු.
සටහන හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන
http://www.divaina.com/2011/10/04/provin03.html
No comments:
Post a Comment