Monday, October 17, 2011

‘ශ්‍රී ලංකාවේ දිළිඳුකම අඩුවෙලා’

මානෙල් පුෂ්ප කුමාරි

ශ්‍රී ලංකාවේ දිළිඳුකම අඩු වී ඇති බව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.

මෙසේ දරිද්‍රතාව අඩු වීමට බලපෑ හේතු ලෙස දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම, විරැකියාව අඩුවීම, ආහාර මිල අඩුවීම, වැටුප් වැඩිවීම, මුල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය ආදී කරුණු බව හෙළි වී ඇත.

මහින්ද චින්තනය හඳුන්වා දීමෙන් පසු 2009/2010 කුටුම්භ අයවැය සමීක්ෂණ වාර්තාවට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සියයට අටයි දශම නවයක් (8.9’) දක්වා අඩු වී ඇත. වසර 1995/1996 ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පීඩා විඳි ජනතාව සමස්ත ජනගහනයෙන් සියයට විසි අටයි දශම අටක් (28.8%) විය. වසර 2011 දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට අටයි දශම දෙක (8.2%) දක්වා ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි. වසර 2011 පළමු කාර්තුව වන විට විරැකියා ප්‍රතිශතය සියයට හතරයි දශම තුනක් (4.3%) බව වාර්තා වේ. වසර 2010 පළමු කාර්තුවේ දී විරැකියා අනුපාතය සියයට පහයි දශම එක (5.1%) ක් වූ අතර, 2010 අවසන් වන විට එය සියයට හතරයි දශම නවයකි. වසර 2011 අගෝස්තු මාසය වන විට උද්ධමනය සියයට හතයි දශම එක (7.1%) දක්වා පහළ බැස ඇත.

මේ වන විට වතු, ග්‍රාමීය සහ නාගරික අංශ වල දරිද්‍රතා මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස ඇත. මේ සමීක්ෂණයට අනුව ඉහළම දරිද්‍රතාවක් පෙන්නුම් කරන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි. එය සියයට විස්සයි දශම තුන (20.3%) කි. පහළම දරිද්‍රතාවය වන දෙකයි දශම තුන (2.3%) වාර්තා වන්නේ, වවුනියාව දිස්ත්‍රික්කයෙනි. ඊළඟ අවම දරිද්‍රතාවය සියයට තුනයි දශම හය (3.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙහිදී යාපනය දිස්ත්‍රික්කය ද සියයට දහසයයි දශම එකක (16.1%) ඉහළ දරිද්‍රතා මට්ටමක් පෙන්නුම් කරයි.

වසර 2006/2007 කාලයේ දී ශ්‍රී ලංකාවේ දිළිඳු ජනගහනය මිලියන දෙකයි දශම අටකි. එය වසර 2009 / 2010 වන විට මිලියන එකයි දශම අට (1.8) දක්වා අඩු වී තිබේ.

වසර 2011 මුල් හය මාසය තුළ අපනයන වසර 2010 ට සාපේක්‍ෂව සියයට හතළිහයි දශම නවයකින් (40.9%) වර්ධනය වී ඇත. ඒ අනුව ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5106 ක් පමණ වේ. වසර 2011 අපනයන ආදායම් ඉලක්කය වන ඩොලර් මිලියන 9098 න් සියයට පනස් හයක්ම (56%) මුල් මාස හය තුළදීම අත් කර ගැනීමට හැකිවීම මේ ඉලක්කය පහසුවෙන් අත්කර ගත හැකි වනු ඇති බවට විශ්වසනීය පෙර දැක්මකි.

අපනයන ආදායමෙන් සියයට හතළිස් දෙකයි දශම තුනක්ම (42.3%) රෙදි හා ඇගළුම්වලින් ලැබී ඇත. තේ අපනයනයෙන් සියයට දහතුනයි දශම හතක් (13.7%) ද රබර් ආශි‍්‍රත නිෂ්පාදන වලින් සියයට අටයි දශම එකක් ද (8.1%) ලැබී ඇත.

මේ අනුව වසර 2011 මාර්තු මාසයේ දී අපනයන ආදායම ඩොලර් බිලියන 01 ඉක්මවීමට සමත් වීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.
http://www.dinamina.lk/2011/10/17/_art.asp?fn=n11101718

.

No comments:

Post a Comment