ශිරාන් රණසිංහ
මුහුදු සීමා උල්ලංඝනය කිරීම් නතර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය රජයේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් අතර අද (6 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා මගින් දෙරටේ ධීවර ප්‍රශ්න හා මුහුදු සීමා උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීම සිදු වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා ''දිවයින'' ට පැවසීය. යුරෝපා සංගමයේ නියෝජිතයන්ද මෙරටට පැමිණීමට නියමිත බවත් ජාත්‍යන්තර මුහුදු සීමා පිළිබඳ පවතින නීති රීති පිළිබඳ මෙරට නිලධාරීන් දැනුවත් කිරීම හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇති බවත් සඳහන්ය.
http://www.divaina.com/2011/10/06/news17.html
No comments:
Post a Comment