Saturday, October 15, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියර ලබන මාසයේ විවෘත කෙරේ

අනුර බාලසූරිය

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට කොට්‌ටාව දක්‌වා ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති ප්‍රථම අදියර ලබන මස 19 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘතවීමට නියමිතය. ප්‍රථමයෙන් මෙම මාර්ගය පෞද්ගලික රථවාහන හා සංචාරක බස්‌රථ සඳහා පමණක්‌ විවෘත වනු ඇත.

පොදු ප්‍රවාහනය සඳහා පසුව විවෘත කෙරෙන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පැවැසීය.

අධිවේගී මාර්ගයන්ට සුදුසු ප්‍රමිතීන්ට අනුකූල බස්‌රථ පොදු ප්‍රවාහන සේවයේ දැනට නොමැති බැවින් ඊට සුදුසු බස්‌රථ ගෙන්වන තෙක්‌ පොදු ප්‍රවාහනයට විවෘත නොවේ.

ගාල්ල පින්නදුව සිට කොට්‌ටාව දක්‌වා මෙම මාර්ගය කිලෝමීටර් සියයකට ආසන්න වේ.

http://www.divaina.com/2011/10/15/news02.html

No comments:

Post a Comment