Sunday, October 16, 2011

විදුලිබල මණ්‌ඩලය යාපනයට දෙන්න දෙගුණයක්‌ මිලට විදුලිය ගනී

ජනිත සෙනෙවිරත්න

යාපන අර්ධද්වීපය සඳහා හදිසියේ විදුලිය සැපයීමේ අවශ්‍යතාවක්‌ ඇතැයි පවසමින් ලංකා විදුලි බල මණ්‌ඩලය විසින් සාමාන්‍යයෙන් විදුලිය මිලදී ගැනීමේ මිලට වඩා දෙගුණයකටත් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට යන බව විදුලි බල මණ්‌ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙසේ විදුලිය ලබා ගැනීම සඳහා හදිසියේ ටෙන්ඩර් කැඳවා එහි පිරිවිතර සකස්‌ කර ඇත්තේ එක්‌තරා විදේශ සමාගමකින් එම විදුලිය මිලදී ගැනීමට බව වෘත්තීය සමිති කියා සිටී.

මෙම සමාගම විදුලිබල මණ්‌ඩලයේ ලේ උරාබොන සතකු වැනි යෑයි රජයේ ප්‍රධානීන් රැසක්‌ම චෝදනා කර තිබියදීත් මෙවරද එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට යන්නේ ඒකකයක්‌ රුපියල් 35 ක්‌ තරම් ඉහළ මිලටය. විදුලිබල මණ්‌ඩලයට විදුලිය ඒකකයක්‌ රුපියල් 15 කට මිලදී ගැනීමට අවස්‌ථාව තිබියදී මෙසේ අධික මිලට විදුලිය මිලදී ගැනීම පසුපස බරපතළ කොමිස්‌ ගනුදෙනුවක්‌ ඇතැයි විදුලිබල වෘත්තීය සමිති පවසයි.

මෙම විදුලිය ලබා ගැනීම සඳහා ටෙන්ඩරය කැඳවා සති තුනක පමණ කාලයක්‌ තුළ එය අවසන් කිරීම ඒ සඳහා ඇති තරගකාරීත්වය නැති කර එක්‌ සමාගමකට පමණක්‌ එය හිමිකර දීමට සිදු කළ උපක්‍රමයක්‌ බව පැවසේ.

අදාළ සමාගමෙන් විදුලිබල මණ්‌aඩලය වසර දොළහක පමණ කාලයක්‌ තිස්‌සේ විදුලිය අධික මිලට ලබාගන්නා අතර එහි ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ දෙමළ ජාතිකයෙකි.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්‌ඩලය. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් පවා දැනුවත් නොකර හිතුමතයට කටයුතු කර ඇති බව ද සඳහන් ය.

http://www.divaina.com/2011/10/16/news12.html

No comments:

Post a Comment