Monday, October 17, 2011

වයඹ ප්‍රදේශ රැසකට උග්‍ර ජල හිඟයක්‌


ප්‍රියරංග ඉලංගමුදලි - නල්ලදරන්කට්‌ටුව

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වයඹ පළාතේ ප්‍රදේශ රැසක ජනතාව ජල හිඟයකට මුහුණපා සිටිති. පුත්තලම, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල පිහිටි වැව් රැසක ජල මට්‌ටම් පහත වැටී ඇති අතර කුඩා වැව් විශාල ප්‍රමාණයක්‌ සිඳීගොස්‌ හමාරය.

භූගත ජල මට්‌ටම පහත බැස ඇති අතර බොහෝ ළිංවල ජලය සිඳී ගොස්‌ ඇත. මේ නිසා පානීය ජල හිඟයකට ද ජනතාව මුහුණපා ඇත. මේ නිසා පානීය ජල හිඟයකට ද ජනතාව මුහුණපා සිටිති. ඇතැම් ගම්මානවල ජනතාවට පානීය ජලය ලබාගැනීමට සැතපුම් 2- 3 ක්‌ දුර ගෙවා යැමට සිදුවී තිබේ.

පවතින ජල හිඟය හේතුවෙන් වගා බිම්වලටද බලපෑම් එල්ල වී තිබේ. බෙහෝ වගාවන් අත්හැර දැමීමට සිදුවී තිබේ. විශේෂයෙන් පුත්තලම, වනාතවිල්ලුව, එළුවන්කුලම, ආණමඩුව ප්‍රදේශවල විශාල පිරිසක්‌ මේ තත්ත්වයට මුහුණ දී සිටිති.

No comments:

Post a Comment