- ඇමැති බැසිල් රාජපක්ෂ
ජීවනී පතිරණ
අපි විශාල ධනස්කන්ධයක් වැයකර ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් මෙරට ජල මුලාශ්‍ර විනාශ වන බවද එම ජලමුලාශ්‍ර රැකගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු යැයිද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.
මෙරට ප්‍රජාමූල සංවිධාන ක්‍රියාත්මක කිරීමේදී එය නීතිමය රාමුවක් තුළ ක්‍රියාත්මක විය යුතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ප්‍රජා ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ සමාප්ති දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේය.
බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවති මේ උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
ප්‍රජා ජල ව්‍යාපෘති මේ රටේ ප්‍රධාන අවශ්‍යතාවයක් ඉෂ්ඨ කිරීමක්, මෙරට සෑම පුද්ගලයකුගේම හිසට සෙවණක්, ප්‍රවේශ මාර්ගයක්, විදුලිය, ජලය වැනි මූලික අවශ්‍යතා සපුරාලිම මහින්ද චින්තනයේ ප්‍රධාන අරමුණු අතර වෙනවා.
අවුරුදු 18 ක ව්‍යාපෘතියක් අවසන් කිරීම බැරෑරුම් කාර්යයක්. අභියෝග ඇති වෙනවා. මෙරට සමහර සංවිධාන දෙස බැලුවම කඩා වැටෙන අවදානමකයි පවතින්නේ. එහෙත් මෙවැනි ප්‍රජා මූල සංවිධාන හරහා ක්‍රියාත්මක වු ජල ව්‍යාපෘති මගින් ඉතා දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ජල අවශ්‍යතා ඉටුවුණා. දිනේෂ් අමාත්‍යවරයා ඒ සඳහා නීතිමය ශක්තියක් ලබාදී තිබෙනවා. ජල යෝජනා ක්‍රම ඉදිරියට ගෙනයාමට අපේ අමාත්‍යාංශය සහයෝගය ලබාදෙනවා.
ජලසම්පාදන හා ජලපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා-මේ ව්‍යාපාර අපේ රටට අලුත් ගමන් මාර්ගයක පුරෝගාමි ව්‍යාපාරයක් ලෙස ආඩම්බර විය හැකියි. ඒ වාගේම මහා පුණ්‍යකර්මයක්. අද විවාද කරන අය ඕනෑ තරම් සිටිනවා. නමුත් ඵලදායි කරන අය අඩුයි. අද ප්‍රජා ජල ව්‍යාපෘතිය ඵලදායි ව්‍යාපෘතියක් වී තිබෙනවා.
අද අපට එරෙහි වූ තර්ක සියල්ල ජනතාවම පරාජයට පත්කර තිබෙනවා. එය අමාත්‍යාංශයක් ලෙස විශාල ආඩම්බරයක්. සුවිශේෂී ආර්ථික වාසියක් වගේම රජයට හා භාණ්ඩාගාරයට විශාල සහනයක්. මේ ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සාමුහිකත්වයේ හැකියාව ඔප්පු කර තිබෙනවා. ජනතාව ආර්ථික වශයෙන් නැගී සිටීම සුවිශේෂී ආදර්ශයක්.
මේ රටේ ජල මුලාශ්‍ර ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමක්. ජලය බීමට මෙන්ම ආරක්ෂා කිරීමත් ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක්. ඒ වගේම නිතර දෙවලේ එය පරීක්ෂාවට ලක්කර ගුණාත්මක බව තහවුරු කිරීමත් ඔවුන්ගේ වගකීමක් වෙනවා.
ප්‍රජා ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පියසේන වැලැක්කල, අමාත්‍යාංශ ලේකම් ඒ. අබේගුණසේකර, නිල්දියදහර ප්‍රජාමූල සංවිධානයේ සභාපති සීලරතන හිමි, අම්පාර දිස්ත්‍රික් ප්‍රජාමූල සම්බන්ධීකරණ නිලධාරි ඒ. ජී. සිරිසේන, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත අබ්දුල් කයිකාල් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූ අතර, ප්‍රජාමූල සංවිධාන නියෝජිතයෝ රැසක් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කීපදෙනෙක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
http://www.dinamina.lk/2011/10/14/_art.asp?fn=p11101413
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment