Friday, October 14, 2011

අනුරාධපුර ග්ලිරිසීඩියා ජීව බලශක්ති විදුලි බලාගාරය

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ නිමල් විජේසිංහ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජීව බලශක්ති විදුලි බලාගාරය ළඟදීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලබුනෝරුව කට්ටමුරිච්චාන ගම්මානය ආශ්‍රිතව විවෘත කිරීමට නියමිතය.

ලබුනෝරුව මානව හා ප්‍රජා තරුණ සංවිධානය සමග මූලික වැය වශයෙන් රුපියල් මිලියන 380ක් ආයෝජනය කර හේලියෝස් තිරප්පනේ බයෝපවර් ව්‍යාපෘති පෞද්ගලික සමාගම සමග හේලියෝස් රිනිවබල් එනර්ජි පෞද්ගලික සමාගම හා එවර්ජන්ටි වෙන්චර් ඉන්ඩියා යන ආයතන මෙම ජීව බලශක්ති විදුලි බලාගාරය ඉදිකර ඇත.

තාප හරිත විදුලිය නිපදවීම සඳහා ඇල්බීසියා (වැටමාර) හෙවත් ග්ලිරිසීඩියා වියළි දර යොදා ගන්නා ලබුනෝරුව කට්ටමුරිච්චාන බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2.5 ක විදුලි බලශක්තියක් එක්කරනු ලැබේ. විවෘත කරනු ලබන අවස්ථාවේ මුදාහරිනු ලබන්නේ කිලෝ වොට් 500 ක ධාරිතාවකි. එය ලබන අප්‍රියෙල් වන විට කිලෝවොට් 2500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති සංවර්ධන ඉංජිනේරු පී. ආර්. විජේවර්ධන මහතා. පසුගිය වසර තුනක කාලයක් මුළුල්ලේ විදුලිබලාගාර සිහිනය සැබෑ කරගැනීම සඳහා ලබුනෝරුව මානව හා ප්‍රජා තරුණ සංවිධානය ඉමහත් කැපවීමකින් හා උනන්දුවකින් යුතුව කටයුතු කළා.

දැනටමත් තිරප්පනේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ගොවි පවුල් 3000ක් ඇල්බීසියා නොහොත් ග්ලිරිසීඩියා පැළ 1,000,000කට අධික ප්‍රමාණයක් වගා කර තිබෙනවා. ඔවුන් විසින් යම් ප්‍රමිතියකට අනුව වියලා සකස් කළ දහන දැව තොග සියල්ල ඉහළ මිලක් ගෙවා බලාගාරය සඳහා මිලදී ගනු ලබනවා. දිනකට ඇල්බීසියා දැව ටොන් 110 ක් පමණ විදුලිය නිපදවීම පිණිස අවශ්‍ය වෙනවා. වාර්ෂිකව මුල් අදියරේදී දහන ඇල්බීසියා දැව (දර) ටොන් 33000 – 40,000 දක්වා අවශ්‍ය ;වනවා. වටිනාකම රුපියල් මිලියන 110 කට අධිකයි.

2012 වසර අවසානය වන විට මෙම සමස්ත විදුලිබලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 17.75 විදුලිය බල ධාරිතාවක් එක්කිරීම ආරම්භ කරනු ඇත.

http://www.dinamina.lk/2011/10/14/_art.asp?fn=r1110142

No comments:

Post a Comment