පුත්තලම දිසා විශේෂ ලංසගේ සිරිවර්ධන
පුත්තලම කර්මාන්ත පුරයට වසර 4ක් ගතවී ඇතත් මෙතෙක් ඉදිවී ඇති ගොඩනැඟිලි කැලෑවට යටවී ජනතාවට ලබාදුන් බලාපොරොත්තු බොඳවී යන තැනට පත්වී තිබීම කනගාටුවට කරුණකි.
පුත්තලම සිමෙන්ති කම්හල ආසන්නවම මේ කම්හල පිහිටුවා ඇත.
එහි මාර්ග ඉදිකොට කර්මාන්ත 28ක් පළමු පියවර ලෙස බිහිකිරීමටත්, රැකියා 400ක් ලබාදීමටත් සැලසුම් කර තිබුණි. එහෙත් මෙතෙක් සිදුවී ඇත්තේ කොහුබත් කර්මාන්තයක් හා පසුගියදා ආරම්භ කළ දැවිතෙල් පිරිපහදු කම්හලක් පමණක් වීම ගැන ජනතාවගේ ඉච්ඡාභංගත්වයට හේතුවී ඇත.
විදේශීය ආයෝජකයන් සමඟ දේශීය කර්මාන්තකරුවන් හවුල් කරගෙන ආයෝජන මණ්ඩලයේද ආධාර ලබාගනිමින් රැකියා උත්පාදනය කොට දේශීය වෙළෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ බහුතරයක් ලබා දීම සඳහා එදා කර්මාන්ත අමාත්‍යාංශය සැලැසුම් කොට තිබුණි.
මුල්ගල් තැබීමේ උත්සවය සඳහා හඳුනාගත් එම කර්මාන්ත කරුවන්ද සහභාගි කර ගෙන, ඔවුන් සඳහා භූමියද වෙන්කරගෙන, ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කළ නමුත් අද වනවිට ගොඩනැගිලි කිහිපයක් කැලෑවෙන් වැසී ඇත.
එවකට සිටි ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ සහභාගිත්වයෙන් පුත්තලම කර්මාන්ත පුරයේ ඉදිකිරීම් ඇරැඹූ නමුත් අද වනවිට සිදුවී ඇති මේ සෝචනීය තත්වය ගැන වගකිවයුතු කිසිවෙක් පුත්තලමේ නොවීම කනගාටුවට කරුණකි.
http://www.dinamina.lk/2011/10/14/_art.asp?fn=r1110141
No comments:
Post a Comment