Saturday, October 15, 2011

සුදු සැරයටි දිනය අද

තුෂාරී කළුබෝවිල

ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්‍ෂිත දිනය අදට (15 වැනිදාට) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් සමරු උළෙලක්‌ අද පෙරවරු 10.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එය සංවිධානය කරනුයේ ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත, ඌන දෘෂ්ටික ප්‍රජාව වෙනුවෙන් සේවා සලසන පැරැණිතම හා ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්‌ඩලය විසිනි. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් 1969 දී ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්‍ෂිත දිනය ප්‍රකාශයට පත් කෙරුණු අතර එය 1970 වසරේ සිට සෑම ඔක්‌තෝබර් 15 වැනිදා දිනකම ලොව පුරා රටවල් රැසක සමරනු ලබයි.

මෙම සුදු සැරයටිය ප්‍රථම වරට ලෝක ප්‍රජාව වෙත හඳුන්වාදීම සඳහා පෙන්සිල්වේනියා ආරෝග්‍ය ශාලාවේ සිංහ වෛද්‍ය රිචඩ් හුවර් මහතා පුරෝගාමී විය.

http://www.divaina.com/2011/10/15/news09.html

No comments:

Post a Comment