ස්වර්ණා විජේකෝන්
මහනුවර ඉදිකිරීමට යෝජිත අභ්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා මේ වනවිට ඉඩම් හඳුනාගෙන ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ප්රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කුණ්ඩසාලේ ආසනයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඉඩම් අක්කර සියයක් පමණ මේ සඳහා හඳුනාගෙන ඇති අතර අභ්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අවශ්‍ය ඉඩම් අක්කර ප්‍රමාණය වෙන් කරන බවද ඇමැතිවරයා දිනමිණට පැවැසීය.
ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සහ සුදුසු පරිසරයක මේ භූමිය පිහිටා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. අභ්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ඉඩම් වෙන් කිරීම, ඇතුළු අනෙකුත් කටයුතු සඳහා ගුවන් සේවා අමාත්‍යාංශය, ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආයතන සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද හෙතෙම පැවැසීය. යෝජිත ගුවන්තොටුපොළ මඟින් මහනුවර දිස්ත්‍රික්කය හා කුණ්ඩසාලේ ආශි‍්‍රතව දැවැන්ත සංවර්ධනයක් සිදු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
http://www.dinamina.lk/2011/10/15/_art.asp?fn=n1110155
No comments:
Post a Comment