Saturday, October 15, 2011

දැඩි නියඟයෙන් තේ අස්‌වැන්න අඩුවෙලා

කන්දකැටිය ජී. චතුරංග

පසුගිය කාලයේ පැවැති දැඩි නියඟයත් සමඟම රෝබේරිය, පිටමාරුව, එලවාන ඇතුළු වතු ප්‍රදේශ රැසක තේ දලු අස්‌වැන්න බෙහෙවින්ම පහත වැටී ඇති අතර ඇතැම් තේ ගස්‌ නියඟයට හසුව විනාශ වී ඇතැයිද එම ප්‍රදේශවල කුඩා තේ වතු හිමියෝ පවසති.

මේ හැරුණු විට ඇතැම් තේ වතු අවට පිහිටි පතන් බිම් වලට ගිනි තැබීම හේතුවෙන් ප්‍රදේශයේ තේ වතු රැසක්‌ විනාශ වී ඇතැයිද තේ වගා කරුවෝ කියති.

කෙසේ වෙතත් තේ අස්‌වනු පහත වැටීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් තත්ත්වය බෙහෙවින්ම පහත වැටී ඇතැයි එම තේ වගාකරුවෝ පවසති.

http://www.divaina.com/2011/10/15/provin01.html

No comments:

Post a Comment