Friday, October 7, 2011

බාල පෙට්රල්වලින් හානි වූ වාහනවලට වන්දි දීම ඇරැඹෙයි

බාල පෙට්‍රල් භාවිතයෙන් හානියට පත් වාහන සඳහා එම වාහන හිමියන්ට වන්දි ලබාදීම දෙමටගොඩ සිපෙට්කෝ නිවහනේ දී ඊයේ (6) ආරම්භ විය.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් මත මේ වන්දි ලබාදීම ආරම්භ කර ඇත. පසුගිය ජුනි මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍ෂණික ඇමතුම් අංකයට සහ ලිඛිතව ලබා දුන් පැමිණිලි සඳහා අදියර කිහිපයකින් වන්දි ලබාදීමට කටයුතු සංවිධාන කර ඇත.

සංස්ථාව ඉල්ලා සිටි ලේඛන නිසි පරිදි සම්පූර්ණ කළ වාහන හිමිකරුවන් සඳහා ඊයේ (6) සිට වන්දි පිරිනැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරයි.

වන්දි ඉල්ලුම්කරුවන්ට ලිඛිතව වන්දි හිමිකම් සම්බන්ධව ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය. සිපෙට්කෝ පාරිභෝගිකයන්ගේ පහසුව තකා පිට ප්‍රදේශවල වන්දි ඉල්ලුම්කරුවන්ට චෙක්පත් ඛනිජතෙල් සංස්ථා ප්‍රාදේශීය කාර්යාල මඟින් ලබාදීමට පියවර ගනු තිබේ.

http://www.dinamina.lk/2011/10/07/_art.asp?fn=n1110072

No comments:

Post a Comment