Friday, October 7, 2011

සෝයා බෝංචි කිලෝවක් රුපියල් 70ට වැඩියෙන් මිලදී ගන්න රජය සැරසෙයි

සෝයා බෝංචි මිල ස්ථාවරව පවත්වා ගැනීමට සෝයා බෝංචි කිලෝවක් රුපියල් 70කට වැඩියෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

මිල ස්ථාවරව පවත්වා ගැනීමට සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් උපදෙස් මත මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ තීරණය ගෙන ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෝයා බෝංචි අස්වැන්න වැඩි වීම හේතුවෙන් සෝයා බෝංචි කිලෝවක මිල රුපියල් 40ක් දක්වා පහත බැස ඇත.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ හුරුළුවැව ගොවි සමාජය මඟින් සෝයා බෝංචි මිලදී ගෙන ත්‍රිපෝෂ නිපදවීමේ ක්‍රියාවකට යොමු වීමත් සමග මීට අදාළ මුදල් සංවර්ධන බැංකුව මගින් වෙන් කරදීමට මේ රැස්වීමේදී තීරණය වී තිබේ.

http://www.dinamina.lk/2011/10/07/_art.asp?fn=n1110074

No comments:

Post a Comment