Thursday, September 8, 2011

යාලේ තවත් දොරක් ඇරෙයි



ශ්‍රී ලංකාවේ වැඩිම සතුන් ප්‍රමාණයක් සිටින මෙන්ම සංචාරකයන් විශාල ප්‍රමාණයක් නරඹන යාල සත්වෝද්‍යානයට පිවිසීම සඳහා නව දොරටුවක් පසුගිය 4 වනදා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මේ නව පිවිසුම වන කටගමුව දොරටුව උද්‍යානයට පිවිසිය හැකි තෙවන දොරටුවයි.

මේ දොරටුව විවෘත කිරීමෙන් පසු දේශීය හා විදේශීය නරඹන්නන්ට තදබදයකින් තොරව පහසුවෙන් උද්‍යානයට පිවිසිය හැකි බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි. උද්‍යානයේ ප්‍රධාන දොරටුව පලටුපාන දොරටුව වන අතර බුත්තල කතරගම පාරේ පැමිණෙන නරඹන්නන්ට ගල්ගෙය දොරටුවෙන්ද කතරගම හා සිතුල්පව්ව වන්දනාවේ යන බැතිමතුනට නව කටගමුව දොරටුවෙන් පහසුවෙන් මෙන්ම අවම වියදමකින් උද්‍යානයට පිවිසිය හැකි වේ. ඊට අමතරව උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පවසයි. http://www.dinamina.lk/2011/09/07/_art.asp?fn=n11090711

No comments:

Post a Comment