Tuesday, October 11, 2011

අනුරාධපුරයේ පුවක්‌ ගෙඩි 2 ක මිල වී කිලෝවකට සමානයි

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විවෘත වෙළෙඳ පොළේ පුවක්‌ ගෙඩියක මිල රුපියල් දහයත්, දොළහයි පනහත් අතර දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

විවිධ කටයුතු සඳහා පුවක්‌ ගස්‌ කපා දැමීම හා පවත්නා නියඟය හේතුවෙන් පුවක්‌ ඵලදාව අඩුවීම පුවක්‌ මිල ඉහළ යැමට හේතුවී ඇති බව පුවක්‌ වෙළෙන්දෝ "දිවයින"ට පැවසූහ. පුවක්‌ ගෙඩියක මිල මෙලෙස ඉහළ ගියද බුලත් විටක මිල ඉහළ ගොස්‌ නැතත් ඊට එක්‌ කරනු ලබන අමු ද්‍රව්‍යවල ප්‍රමාණය අඩුවී ඇති බවත් පාරිභෝගිකයෝ පවසති. මීට මාස කීපයකට පෙර වී කිලෝ ග්‍රෑම් එකක්‌ විකුණා පුවක්‌ ගෙඩි විසිපහක්‌ පමණ මිලදී ගැනීමට හැකිවූ තමන්ට දැන් වී කිලෝ ග්‍රෑම් එකක්‌ විකිණීමෙන් පසුව මිලදී ගැනීමට හැකිව ඇත්තේ පුවක්‌ ගෙඩි දෙකක්‌ පමණක්‌ බවද ඔවුහු පවසති.


http://www.divaina.com/2011/10/11/provin05.html

No comments:

Post a Comment