ප්‍රියදර්ශන ලියනගේ
කොළඹ, මාතලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, නුවරඑළිය සහ කෑගල්ල දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහසක් දීර්ඝකාලීන බදු පදනම යටතේ ප්‍රධාන සමාගම් එකොළහකට ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සංචාරක, කෘෂිකාර්මික, ජල විදුලි, සුළං, විදුලිබල සහ ලුණු ලේවායන් ඉදිකිරීම සඳහා මෙම ඉඩම් ලබාදීමට නියමිතය.
අනූනව අවුරුදු, පනස් අවුරුදු සහ තිස් අවුරුදු බදු පදනම මත මෙම ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇත.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් ඉඩම් කට්‌ටි කිහිපයක් සංචාරක ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සැලසුම් කර ඇත්තේ අනූනව අවුරුදු බදු පදනම මතයි.
බදු ගිවිසුම් රැසක් මේ වන විටත් සකස් කර අවසන් කර ඇති අතර වැඩ අවසන් කර නැති බදු ගිවිසුම්වල කටයුතු කඩිනමින් අවසන් කිරීමේ කටයුතු රජය මේ වන විටත් ආරම්භ කර තිබේ.
http://www.divaina.com/2011/10/04/news03.html
No comments:
Post a Comment