Monday, October 17, 2011

31 වැනිදාට පෙර වත්කම් බැරකම් නොදෙන අපේක්‍ෂකයන්ට වැඩ වරදී

රනිල් ධර්මසේන
පළාත් පාලන මැතිවරණයට තරග කළ සියලුම අපේක්‍ෂකයන් ලබන 31 වැනිදාට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළහොත් එම අපේක්‍ෂකයන්ට එරෙහිව දැඩි නීත්‍යානුකූල පියවර ගැනීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත.

සභික ධුර සඳහා තේරී පත්වූ අපේක්‍ෂකයන්ගෙන් යම් පිරිසක්‌ මේ වන විට සිය වත්කම් හා බැරකම් ප්‍රකාර මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කර ඇත. සෙසු

අපේක්‍ෂකයන්ද ලබන 20 වැනිදාට පෙර ඒවා භාර දීමට අදාළ පක්‍ෂ ලේකම්වරුන් විසින් එකඟතාව පළකර ඇති නිසා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති ඇතුළු සභිකධුර සඳහා පත්කිරීම්වලට අදාළ ගැසට්‌ නිවේදනය ඉකුත් 15 වැනිදා නිකුත් කර ඇත.

1988 අංක 74 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් පනතේ විධිවිධාන අනුව පළාත් පාලන ඡන්ද විමසීම්වලදී නාමයෝජනා කරනු ලබන සියලුම අපේක්‍ෂකයන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වෙයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන 31 වැනි දිනට පෙර අදාළ දිස්‌ත්‍රික්‌කයේ තේරීම් භාර නිලධාරි වෙත ඉදිරිපත් කළ යුතුවේ.


http://www.divaina.com/2011/10/17/news11.html

No comments:

Post a Comment