කරුණාරත්න ගමගේ සහ මනම්පිටිය - ජයකොඩි
මනම්පිටිය පුරාණ ගමේ පිහිටි නිවාස 05 ක් පෙරේදා (15 දා) අලුයම අලින් විසින් කඩා බිඳ හානි සිදු කොට තිබේ.
එක් තාවකාලික නිවෙසක් මුළුමනින්ම කඩා බිඳ දමා ඇති අතර අනෙක් නිවෙස්‌වල බිත්ති කඩා බිඳ වී, සහල්, ලුණු ආදිය ආහාරයට ගෙන ඇත.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලින් ආහාර සොයා මෙසේ ගම්වැදීම දිනෙන් දින වැඩිවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. අලි ගම්වැදීම වැළැක්‌වීම සඳහා විදුලි වැටක් ඉදිකර දෙන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය ප්‍රදේශයේ මහවැලි ගඟෙන් වැලි ගොඩදැමීම සහ එ ආශ්‍රිත කලාපයේ ගඩොල් කැපම වැනි මිනිස් ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යැම නිසා අලින්ට වාසභූමි අහිමි වී ඇති බවත්, මේ හේතුවෙන් අලි ගම්වැදීම වැඩිවී තිබෙන බවත් වනජීවී නිලධාරීහු කියා සිටිති.
http://www.divaina.com/2011/10/17/news13.html
---------------------------------------------------
මනම්පිටියේ නිවෙස් පහක් වන අලි පහරින් කුඩුපට්ටම්
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ගම්මානයකට රාත්‍රි කාලයේ පැමිණි වල් අලි රංචුවක් නිවාස 5 ක් කඩා බිඳ දමා ඇත. මෙයින් ගෙවල් දෙකක් සම්පූර්ණයෙන් පොඩිපට්ටම් කර ඇති අතර, එහි පදිංචිකරුවන් දිවි බේරාගෙන තිබේ. මෙම නිවෙස්වල තිබූ කිරිපිටි, ලුණු වල් අලින් විසින් කා දමා තිබේ.

විපතට පත් දරු පවුලක් විනාශයට පත් නිවසේ බඩු බාහිරාදිය පරීක්‍ෂා කළ අන්දම.
ඡායාරූපය - ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ
http://www.dinamina.lk/2011/10/17/_art.asp?fn=n11101711
No comments:
Post a Comment