
පුරා මාස පහකට ආසන්න කාලයක් තිස්‌සේ පවතින දැඩි නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලු කුඩා වැව් සිඳී ගොස් මහවැව් රැසක ජල මට්‌ටම ඉතා සීග්‍රයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධානතම ජලාශය වන කලාවැවේ ජල මට්‌ටම අක්‌කර අඩි ලක්‌ෂයේ සිට අක්‌කර අඩි හාරසිය තුන දක්‌වා මේ වනවිට අඩුවී තිබේ.
මේ අතර එම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන වැව් අතරට ගැනෙන මහවිලච්චිය, වාහල්කඩ හා රාජාංගනය යන වැව්වල ජල ධාරිතාවය සියයට හැට හතත්, සියයට පනහත් අතර පවතින බවත්, අංගමුව වැව සියයට 28, නුවර වැව සියයට 36, නාච්චාදූව වැව සියයට 19, තිසාවැව සියයට 16, මහකනදරාව සියයට 14, හුරුළුවැව සියයට 13, බසවක්‌කුලම වැව සියයට 12 ක් සහ පදවිය වැව සියයට 08 ක් දක්‌වා ජල ධාරිතාවය අඩුවී ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කීය.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කුඩා වැව් විශාල සංඛ්‍යාවක් පවත්නා නියඟය හේතුවෙන් අන්තයටම සිඳී ගොස් ඇති බවත්, කුඩා වැව් ඉතාම සුළු සංඛ්‍යාවක පමණක් සුළු වශයෙන් ජලය පවතින බවත් හෙතෙම පැවැසීය.
තණ බිම් වියළී යැම නිසා ගවයින් හා වන සතුන් උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටින අතර, ආහාර හා ජලය සොයා ගම්වදින වන සතුන්ගේ ජීවිතවලට දඩයම්කරුවන්ගෙන් දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව ජනතාව පවසති.
No comments:
Post a Comment