Friday, October 7, 2011

"එපෙඩි්‍රන්" එන්නත් හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

ඒමන්ති මාරඹේ

සිසේරියන් සැත්කම් ඇතුළු බොහෝ සැත්කම් සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය නිර්වින්දන හා රුධිර පීඩනය පාලනය කරන එන්නතක්‌ වන "එපෙඩි්‍රන්" එන්නත මෙම දිනවල දිවයින පුරා රජයේ රෝහල්වල හිඟව පැවැතීම හේතුවෙන් ඇතැම් සැත්කම් සීමා කිරීමට සිදුව ඇතැයි රජයේ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සැත්කමට ලක්‌ කරන රෝගියා නිර්වින්දනය කිරීම හා රුධිර පීඩනය අඩු වූ විට එය යථා තත්ත්වයට පත් කරලීම සඳහා භාවිත කරන මෙම එන්නත් මාසයක පමණ කාලයක සිට රජයේ රෝහල්වල හිඟව පවතින බව එම ආරංචි මාර්ග කීවේය.

මෙම එන්නත වෙනුවට භාවිත කළ හැකි වෙනත් එන්නත් පැවතියද ඒවා "එපෙඩි්‍රන්" එන්නත් තරම් ප්‍රතිඵලදායි නොවන බව වෛද්‍යවරු පවසති.

මෙම එන්නත් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේද හිඟව පවතින අතර එම එන්නත් මෙරටට ගෙන්වීමට ඇණවුම් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

http://www.divaina.com/2011/10/07/news09.html

No comments:

Post a Comment