Friday, October 7, 2011

නියඟය හමාර කරමින් පොළොන්නරුවට වැසි

කරුණාරත්න ගමගේ

මාස කිහිපයක්‌ තිස්‌සේ පැවැති දැඩි නියඟය හමාර කරමින් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට වැසි ලැබීමට පටන් ගෙන ඇත. පෙරේදා (05 දා) පස්‌වරුවේ තද වර්ෂාවත් සමඟ ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ දෙකක නිවාස 9 කට පමණ අලාභහානි සිදුව තිබේ.

මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ පිහිටි නිවාස 5 ක සහ පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේ නිවාස 4 කට මෙම සුළං හේතුවෙන් හානි සිදුවී ඇති බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා "දිවයන"ට පැවැසීය.

මේ අතර ඉකුත් සෙනසුරාදා (01 දා) පස්‌වරුවේ වර්ෂාව සමඟ ඇති වූ තද සුළඟ හේතුවෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසට අයත් නුවරගල පිහිටි ශ්‍රී සාරානාත් පිරිවෙනට අයත් භික්‍ෂු නේවාසිකාගාරයේ වහළයට හානි සිදුවී ඇතැයි ද ඒ මහතා කීය.

දැනට එම පිරිවෙන් විහාරස්‌ථානයේ නේවාසික භික්‍ෂූන් වහන්සේ 20 නමක්‌ තාවකාලිකව විහාරස්‌ථ ධර්ම ශාලාවේ ලැඟුම් ගෙන සිටින බව ද උපුල් නානායක්‌කාර මහතා සඳහන් කළේය.

http://www.divaina.com/2011/10/07/news08.html

No comments:

Post a Comment