Friday, October 7, 2011

කන්කසන්තුරේ සිමෙන්ති සමාගම යළි ඇරැඹීමට පියවර ගනී

ප්‍රභාත් විතාන

වසර 30 කට අධික කාලයක්‌ වසා දමා තිබූ කන්කසන්තුරේ සිමෙන්ති සමාගම යළි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස්‌ කර තිබෙන බව රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.

කිසිදු හවුල්කාර සමාගමක්‌ නොමැතිව රජය විසින්ම මෙම සිමෙන්ති කම්හල පවත්වාගෙන යැමට කටයුතු යොදා ඇති බවත් මේ සඳහා රුපියල් බිලියන 5 ත් 7 ත් අතර මුදල් ප්‍රමාණයක්‌ වැය වන බවත් ඇමැති තිසේරා මහතා කියා සිටියේය.

ඒ අනුව දිනකට සිමෙන්ති ටොන් 250 ත් 500 ත් අතර ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළ හැකි කුඩා පරිමාණයේ යන්ත්‍රාගාරයක්‌ සහ ඇසුරුම් අංශයක්‌ ස්‌ථාපිත කිරිමට නියමිත බවත් ඉල්ලුමට සරිලන සැපයුම වෙනුවෙන් සිමෙන්ති ආනයනය කර ඇසුරුම් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මෙමගින් රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය සිමෙන්ති සඳහා ඇතිවී තිබෙන වෙළෙඳපොළ ජය ගැනීම හා රැකියා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ ඇති වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.divaina.com/2011/10/07/news13.html

No comments:

Post a Comment