දක්ෂිණ සංවර්ධන අධිකාරියට ලක්ෂ 160 ක පාඩුවක්
බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්, ඉමදුව - කුමාර කොඩිතුවක්කු
ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ධීවර සංස්ථාව එක්ව නවසීලන්ත සමාගමක ආයෝජනයෙන් ගාල්ල මා ගාල්ල ටින් මසුන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම අතරමග නවතා දමා ඇත. දකුණු පළාතේ විශාලතම සැමන් මසුන් ටින් කිරීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම ඇන හිටීම නිසා නිකරුනේ වියදම් වී ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය හැටකි. එම මුදල නිකරුණේ වැය කිරීමට දක්ෂිණ සංවර්ධන අධිකාරියට සිදුව ඇතැයි එම අධිකාරියේ සභාපති රංජිත් ගුණසේකර මහතා කියයි.
2000 වර්ෂයේ මුල් භාගයේ දී වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නවසීලන්ත සමාගමක් සමඟ එකඟතාවයක් මත මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මූලික ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන පනහක් (50) වේ. සපයාදෙනු ලබන රැකියා ප්‍රමාණය දෙදහස් හාරසීයකි (2400).
මෙම කටයුත්ත සඳහා දක්ෂිණ අධිකාරිය මැදිහත් වෙන්නේ ඉඩමක් මිල දී ගැනීම සඳහාය. ඒ අනුව අක්කර විස්සක ඉඩමක් අධිකාරිය මිල දී ගෙන ඇත, මෙසේ මිල දී ගෙන ඇති ඉඩම්වල සිටි ජනතාවගෙන් කොටසකට තවමත් ඒ ඉඩම් සඳහා වන්දි ලබා දී නොමැති බවද ඉඩම් හිමියෝ ප්‍රකාශ කරති.
http://www.divaina.com/2011/10/07/news18.html
No comments:
Post a Comment