ඇඹිලිපිටියේ මරණ පරීක්ෂකගෙන් පොලිසියට උපදෙස්
රත්නපුර දිසා විශේෂ නිරෝෂණ පෙරේරා
ඇඹිලිපිටිය නව නගරයේ උදා කළ ගම්මානයේ නිවාස කීපයක මායිම්වලට සිටුවා තිබූ කනේරු ගස් විනාශ කරන ලෙස හදිසි මරණ පරීක්ෂක ටී. එම්. හරින්ද්‍ර ලක්මින තෙන්නකෝන් මහතා පොලිසියට නියම කළේය. පේ‍්‍රම සම්බන්ධතාව බිඳවැටීම නිසා 20 හැවිරිදි තරුණියක් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියකින් පසු ඔහු මේ නියෝගය කර තිබේ.
මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීමට අනුව පොලිසිය විසින් කනේරු ගස් විනාශ කර දැමීම ඊයේ අරඹා ඇත. ඇඹිලිපිටිය නව නගරයේ උදා කළ ගම්මානයේ නිවෙසක මායිමට සිටුවා තිබූ කනේරු ගසක ඇට කෑමෙන් මේ තරුණිය මිය ගිය බව හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. ඇඹිලිපිටිය රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණිය පෞද්ගලික ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යද්දී ඇයගේ තත්ත්වය බරපතළ වූ නිසා කහවත්ත මූලික රෝහලට ඇතුළු කරන ලදී.
ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරුන් පැවසුහ. මිය ගිය තරුණිය ලියන ලද ලිපියක්ද හදිසි මරණ පරික්ෂණයට ඉදිරිපත් කර තිබුණි. තරුණ වයසේ වටිනා ජීවිත අහිමි කරන පරිසරය ඉවත් කිරීම මෙම අවාසනාවන්ත මරණයෙන් අදාර්ශයක් කරගත යුතු බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.
http://www.dinamina.lk/2011/10/05/_art.asp?fn=n1110053
No comments:
Post a Comment