Wednesday, October 5, 2011

විදුලිය උත්පාදනයට මන්නාරමේ ගෑස්

සිතාරා සේනානි සහ අනුර ප්‍රේමලාල්

මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව සොයාගෙන ඇති ස්වාභිවික ගෑස් නිධියෙහි ගෑස් ගොඩට ගැනීමෙන් පසු දැනට ඩීසල් මඟින් විදුලිය ජනනය කරන කෙරවලපිටිය, කැලණිතිස්ස ඇතුළු බලාගාර තුනක මෙගාවොට් 630ක විදුලිය ස්වාභාවික වායු දහනයෙන් උත්පාදනය කර ගැනීමට හැකිවෙතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඛනිජතෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මේ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරියේදී අවශ්‍ය පියවර ගනු ඇතැයිද හෙතෙම පැවැසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහවැලි කේන්ද්‍රයේ ඊයේ (4) පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය. ඒ මහතා මෙසේද කීවේය.

ඊයේ (4) පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය. ඒ මහතා මෙසේද කීවේය. මන්නාරම් ද්‍රොණියෙන් සොයාගත් ස්වාභාවික ගෑස් මුහුදු පතුලෙන් ගොඩට ගෙන ප්‍රයෝජනයට ගතහොත් අප රටට ඉදිරි කාලයේ අඩු පිරිවැයකින් බොහෝ බලශක්ති අවශ්‍යතා සපුරාගත හැකියි. මේ පිළිබඳ කැණීම් කර තිබෙන ඉන්දියාවේ කෙයාන් සමාගම මුහුදේ මීටර් 1354ක් ගැඹුරින් තිබී මේ ස්වාභාවික ගෑස් නිධිය සොයාගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළැඹී තිබෙනවා. ඒ ගිවිසුම අනුව ගෑස් හෝ තෙල් සොයා ගත හොත් ඉතා ඉක්මනින් ඒ බව රජයට දැන්විය යුතුව තිබෙනවා.

ඒ අනුව සමාගම ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ඉරිදා දන්වා සිටියා. මේක දේශපාලන වාසි ලබා ගැනීමට හදිසියේ ප්‍රසිද්ධ කළ දෙයක් නොවෙයි. සන්නිවේදනය ඉතා දියුණු මට්ටමක පවතින මෙවන් අවධියක මේ තොරතුරු සඟවන්න කාටවත් බෑ. වෙබ් අඩවිවල ඒ තොරතුරු ඇතුළත් වෙනවා. තෙල් සම්පත ඉතා ශීඝ්‍රයෙන් හීන වෙමින් යන මෙවැනි අවධියක මේ සම්පත මතු කර ගැනීම අප රට ලැබූ විශාල ජයග්‍රහණයක්. න්‍යෂ්ටික බලාගාර අරඹන්න එපා යැයි යුරෝපය පුරා මතයක් ගොඩ නැඟෙමින් තිබෙන මොහොතක, ස්වාභාවික ගෑස් කෙරෙහි ලෝකය වැඩි වැඩියෙන් යොමු වෙන අවස්ථාවක මේ නිධිය හමුවීම විශේෂ සිද්ධියක්.

කෙරවලපිටිය විදුලි බලාගාරය, කැලණිතිස්ස හා පෑලියගොඩ පිහිටි අනෙක් පෞද්ගලික විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් වෙනුවට ස්වාභාවික ගෑස් යොදා ගැනීමට අපට මෙයින් අවස්ථාව උදා කර ගත හැකියි. මේ ස්ථානවලින් මෙගාවොට් 630ක විදුලිය උත්පාදනයක් සිදු කෙරෙනවා. ජල විදුලියට පසු ලාභදායී බලශක්තිය බවට ඉදිරියේදී ස්වාභාවික වායු බලශක්තිය පත් වෙනවා. ප්‍රවාහන කටයුතු සඳහාත් යොදා ගත හැකියි. මෙයින් කාබන් වායු විමෝචනය අඩු නිසා පරිසරයටත් වඩා හිතකරයි. අතිරික්තය අපනයනය කිරීමෙන් ආදායමක් ද ලබා ගත හැකියි.

මෙහි කාබන් විමෝචනය (නිකුත්වීම) අඩු නිසා වායු ගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩුකර ගත හැකියි. ගෑස් මුහුදෙන් ගොඩට ගැනීමට විශාල වියදමක් දැරිය යුතු වෙනවා. දැනට ළිං 3 ක් සොයා ගෙන ඇති නිසා ඒවා මතුකර ගැනීමට තවත් සමාගම් ඉදිරියේදී සම්බන්ධ කර ගැනීමට සිදු වේවි යැයිද පැවැසීය.

http://www.dinamina.lk/2011/10/05/_art.asp?fn=n1110058

No comments:

Post a Comment