මුතූර් විශේෂ ආර්. ආර්. ජේ. රාජසිංහ

ඡායාරූපය
ත්‍රී/මලය විශේෂ
මුතූර්, පට්ටිතිඩල් මහා විද්‍යාලයක පන්ති කාමරයකට වැදී සිටි කිඹුලකු නිසා සිසුන්ගේ ආරක්ෂාවට පෙරේදා (3) පොලිසිය යෙදීමට සිදුවී තිබේ. පෙරේදා (3) උදෑසන පාසලට පැමිණි සිසුන් තම තමන්ගේ පන්ති කාමර කරා යද්දී එක් පන්ති කාමරයක සිටි මේ කිඹුලා දැක සිසුන් ගුරුවරුන්ට දැනුම් දීමෙන් පසු
සිසුන්ගේ ආරක්ෂාවට පොලිසිය යොදවා පසුව කන්තලේ වන ජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත. වනජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයට පැමිණි වන ජීවි කණ්ඩායම අඩි හතක් දිගැති මේ කිඹුලා අල්ලාගෙන සෝමාවති රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කළේය.
මේ කිඹුලා අල්ලා ගැනීමට වනජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වනජීවි නියාමකවරුන්වන ධම්මික වනසිංහ, ඩී. එම්. පියසිරි, සිවිල් ආරක්ෂක භටයන් වන සංජය, පුලස්ථි, චන්දන හා සමන් යන නිලධාරීන් සහභාගි වූහ.
http://www.dinamina.lk/2011/10/05/_art.asp?fn=n1110052
No comments:
Post a Comment