Thursday, October 13, 2011

රසායනික පොහොර පරිදිම ලබන වසරේ සිට රජයෙන් කාබනික පොහොර සහනාධාරයත්

අකිත පෙරේරා

දැනට ලබාදෙන රසායනික පොහොර සහනාධාරය හා සමානවම ලබන වසරේ (2012) පටන් කාබනික පොහොර සහනාධාරයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.

රසායනික පොහොර දීර්ඝ වශයෙන් යෙදීම තුළින් පසේ කාබනික තත්ත්වය හීනවී ඇති බවට විශේෂඥයන් ලබාදී ඇති නිර්දේශ මත මෙම තීරණයට රජය එළැඹි බව ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා "දිවයින" ට පැවැසීය.

රසායනික පොහොර සමඟ කාබනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන් පසෙහි ඇති ගුණාත්මකභාවය වර්ධනය වන අතර එය වැඩි අස්‌වැන්නක්‌ ලැබීමට ද හේතු වන බව ඇමැතිවරයා කියයි.

මෙලෙස කාබනික පොහොර සහනාධාරයක්‌ ලබාදීම සඳහා එම පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රට පුරා ව්‍යාපෘති 2000 ක්‌ ක්‍රියාත්මක කරන බවත් පිදුරු, ශාකමය කොටස්‌, සත්ත්ව කොටස්‌ සහ මළ උපයෝගී කරගන්නා අතර එප්පාවල පොස්‌පේට්‌ ද මීට මිශ්‍ර කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ග්ලිරිසීඩියා පත්‍ර ද මීට යොදන බවත් කී ඇමැතිවරයා ඒවා වගා කිරීමට ද පියවර ගන්නා අතර පොල් ශාකයේ කොටස්‌ සහ ජලජ පැළෑටි මේ සඳහා එක්‌ කරන බව ද කීය.

කාබනික පොහොර සහනාධාරයක්‌ ලබාදීමට තීරණය කර ඇති නමුත් දැනට ලබාදෙන පොහොර සහනාධාරය කප්පාදු කිරීමක්‌ නොකරන බව ද කී ඒ මහතා නව ව්‍යාපෘතිය සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස්‌ දී ඇති බව ද කියා සිsටියේය.

මෙම නව ව්‍යාපෘතිය තුළින් ස්‌වයං රැකියා 20000 කට වඩා ඇති වන බවත් ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

http://www.divaina.com/2011/10/13/news17.html

No comments:

Post a Comment