අනූෂා ගුරුසිංහ
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජපානයේ ආසියා ශාන්තිකර විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමඟ එක්ව පවත්වන අන්තර්ජාතික ප්‍රජා මූලික සංචාරක සමුළුව පසුගියදා උදේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ දී පැවැත්විණි.
ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාරයට වෙන්ව ඇති ඔක්තෝබර් මාසයේ පවත්වන්නට යෙදුණා. මෙම සමුළුවේදී ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාරයේ විවිධ ආකෘති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට උපයෝගී කර ගන්නා අයුරු පිළිබඳ සාකච්ඡා විය. විශේෂයෙන්ම ජපානය, චීනය වැනි රටවල අත්දැකීම් හරහා ශ්‍රී ලංකාවට ඔබින ලෙස දේශීයව මෙම තේමාව හැඩගස්වා ගැනීමට ඇති අවස්ථා සොයා බැලීමද මෙම සමුළුවේ මූලික අරමුණ අතර වේ.
එමෙන්ම සංචාරක ව්‍යාපාරය මෙරට ජනතාව හා සමඟ සම්බන්ධවීමෙන් ග්‍රාමීය ජන සමාජය වැඩදායි අන්දමට හැඩගස්සවා ගැනීමද මෙම සමුළුවේදී අවධානය යොමු වූ තවත් කරුණකි.
ප්‍රජා මූලික සංචාරක කර්මාන්තයේ විවිධ ආකෘති සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කරගැනීම මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉවහල් වන අතරම ඒ මගින් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නිෂ්පාදනවල විවිධත්වය වැඩි කිරීමටද ඒ සඳහා වැඩි පිරිසකගේ සහභාගිත්වයටද අවස්ථාව සලසා ගන්නා අයුරු මෙහිදී දැනුවත් විය.
ඒ අනුව සංචාරක සම්පත් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ප්‍රජා සංවර්ධන වැඩසටහන් යටතේ සිදුකෙරෙන ප්‍රධාන පියවරකි.
http://www.dinamina.lk/2011/10/10/_art.asp?fn=p1110104
No comments:
Post a Comment