අකිත පෙරේරා
පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන සියලුම පෞද්ගලික ප්‍රවාහන සේවා ලබන මස පළවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇතැයි පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය.
පාසල් ළමයින් ප්‍රවාහනය විධිමත්ව සිදු නොවන බැවින් මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා කීය. පාසල් දරුවන් ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තම අමාත්‍යාංශය වෙත ලැබී ඇතැයිද කී ඒ මහතා පුද්ගලික ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් 011 - 2595555 යන දුරකථන අංකය අමතා එම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසද කියා සිටියේය.
http://www.divaina.com/2011/09/09/news09.html
No comments:
Post a Comment