Thursday, September 8, 2011

පරෙවි දූපතේ වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ගැටලු රැසක්‌

දඩයම්තලාව - පී. ජයසිංහ

වනජීවි නිලධාරින් පැය අටේ සේවය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම නිසා පැය 12 ක්‌ විවෘතව තිබූ නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය උදේ අටට විවෘත කර සවස 4.45 ට වසා දැමීම නිසා සංචාරකයෝ හා බෝට්‌ටු පදවන්නෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

සවස්‌ කාලයේ ජාතික උද්‍යානයට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට මේ හේතුව නිසා ආපසු හැරීයැමට සිදුවේ.

මේ වනවිට බෝට්‌ටු පදවන්නන්ගේ ආදායමද පහළ වැටී ඇතැයි ඔවුහු පවසති. තම වෘත්තිය සමිති ගෙන ඇති තීරණයක්‌ අනුව කටයුතු කිරීමට සිදුවී ඇති බව උද්‍යානයේ උසස්‌ නිලධාරියකු සඳහන් කළේය.


http://www.divaina.com/2011/09/08/news31.html

No comments:

Post a Comment